අළුත් සපත්තු ජෝඩුව

මං බ්ලොග් මැරතන් එක දුවන්න ගත්ත අළුත් සපත්තු ජෝඩුව තමයි මේ. වෙනදට ලියන බ්ලොග් එකේ මැරතන් දිව්වොත් එක නාස්තිවෙයි කියල හිතුන නිසයි අළුත් සපත්තු ජෝඩුවක් ගත්තෙ. කොහොම වුනත් වර්ඩ්ප්‍රෙස් එකට අළුත් නිසා ටිකක් වෙලා ගියා හරියට සකසගන්න. දැන් බොහෝදුරට මැරතන් දුවන්න සූදානම්.

එත් දරුණු ප්‍රශ්නයක් මතුවුනා. නොකියාම බැරි නිසා ලියනව. වර්ඩ්ප්‍රෙස් හොඳයි කියල බොහෝදෙනා කියනබව දැකල තමයි මේකෙන් අළුත් සපත්තු ගන්න හිතුවෙ. ඇත්තටම සෑහෙන්න හොඳයි. පහසුයි. ඒත් සිංහල ලියන අපි කාලයක් තිස්සෙ කතා වුනු ගැටළුවක් මෙහි නිරාකරනණය කරගන්න බැරිබව පෙනුනා. (මලින්තගෙනුත් උදව් ඉල්ලුවා. එත් ඒක වර්ඩ්ප්‍රෙස් වල අඩුපාඩුවක් නිසා විසඳුමක් නෑ)

ගැටළුව තමයි, සිංහල අකුරු ප්‍රමාණයෙන් කුඩා වුනු විට කියවීමට ඇති අපහසුතාව. එය මගහරවා ගන්න අප බොහෝ දෙනා එකඟවූ විසඳුම වූයේ අකුර විශාල කර දැක්වීම. එය සාර්ථක විසඳුමක්. නමුත් වර්ඩ්ප්‍රෙස් තුළදී, තේමාවක් යොදාගත්පසු එහි අකුරු ප්‍රමාණය ආදිය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට ඉඩ දෙන්නේ නෑ. මිළක් ගෙවා නම් මේ පහසුකම ලබාගත හැකියි. මේ නිසා සිංහල අකුරු විශාල කර කියවීමට පහසු කරවීමට නම්, විශාල අකුරු ඇති තේමාවක් යොදාගන්නවා හෝ වසරකට මුදල් ගෙවනවා හෝ මිස වෙනත් විසඳුමක් නැත.

මේ සඳහා සුදුසු විසඳුමක් දන්නා අයෙක් ඇත්නනම්, දන්වනමෙන් කරුණාවෙන් ඉල්ලමි.

Published in:  on April 16, 2008 at 3:51 pm Comments (7)
Tags: ,

The URI to TrackBack this entry is: http://srishanumarathon.wordpress.com/2008/04/16/%e0%b6%85%e0%b7%85%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%a2%e0%b7%9d%e0%b6%a9%e0%b7%94%e0%b7%80/trackback/

RSS feed for comments on this post.

7 Comments Leave a comment.

  1. ඇත්තටම මේ ප්‍රශ්නෙ බලපාන්නෙ wordpress.com වල හොස්ට් කරන බ්ලොග් වලට විතරයි. ඒ ඔවුන්ගෙ තාක්ෂණික සීමාවක්. ඔවුන් කියන්නෙ css සංස්කරණයට මිලක් ගෙවා අප්ග්‍රේඩ් එකක් කරන්න ඕන බව. මමත් අදයි දැනගත්තෙ. wordpress.org මගින් ලබාගෙන තමන්ගෙම සර්වරයක ස්ථාපනය කරන අයට මේ ගැටළුව බලපාන්නෙ නැහැ.

  2. ඇයි ෆයර් ෆොක්ස් වලින් අකුරු ලොකු කරලා කියවන්න පුලුවන්නේ

    මේ කලු පාට නිසා අකුරු කියවන්න හරියට පේන්නෑ ;ඒක මාරු කළොත් හොදවෙයි කියලා හිතෙන්නේ

  3. මලින්ත: ඔව්, ඒක හරි. මට ඒක සඳහන් කරන්න බැරිවුනා. wordpress.com හරහා ගිහින් නොමිලේ බ්ලොග් එකක් විවෘතකරන අයට තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. වර්ඩ්ප්‍රෙස් තමන්ගෙ‍්ම සර්වරයක දමාගෙන භාවිතාකරන්නන්ට එය ගැටළුවක් නෙමෙයි.

    නාගයා: ඒකත් හොඳ පැලැස්තරයක් තමයි! කළුපාට නිසා කියවන්න බැරිවෙයි කියල මටත් හිතුනා. ඒත් මේ තේමාවට හිතගිය නිසායි තියාගෙන ඉන්නෙ. පස්සෙ ඒක වෙනස් කරන්න බලනවා.

  4. මැරතන් දවසේ කට්ටියගේ ඇස් නිලංකාර වෙලා නිදිමතේ එන යන නිසා කියවන්න පහසු වෙන්න ටිකක් සැදට හුරු පාටක් දාගත්තොත් මොකද? :D
    මම නං දැනටමත් නිදිමතේ ඉන්නෙ :D මේ අඳුරා පැහැය ටිකක් කියවන්න අපහසුයි වගේ.

  5. ආනන්දවර්ධන: ඔව්, මට කලිනුත් කට්ටිය කිව්වා. තේමාවට කැමති නිසයි දැම්මෙ. ඒත දැන් එක් මාරු කරන්න කාලෙ හරි වගේ. :)

  6. ඔන්න තේමාව මාරු කළා. මේකනං සිංහල වලට කියාපු තේමාව. නියම ගානට අකුරු පෙන්නනව. :D

  7. [...] ඔක්කොම හදිසියේ. අළුතෙන් බ්ලොග් එකක් (සපත්තු ජෝඩුව) විවෘත කළා. ගෙදර ඉඳන් දුවන නිසා, පහසුවට [...]


Leave a Comment