සිංහල බ්ලොග් මැරතන් දුවන්න දින කීපයකට පෙර සිට තමයි සූදානම් වුනේ. ඒ ඔක්කොම හදිසියේ. අළුතෙන් බ්ලොග් එකක් (සපත්තු ජෝඩුව) විවෘත කළා. ගෙදර ඉඳන් දුවන නිසා, පහසුවට ඕෆ්-ලයින් සිට ලියන්න හැකි මෘදුකාංග කීපයක්ම ගෙනාව.
එත් ඉතිං, බ්ලොග් මැරතන් එක දුවන්න වාසනාවකුත් තියෙන්න ඕනෙ කියල හිතුවෙ නෑ.
ඊයෙ රෑ 8 වෙද්දි (මැරතන් එක පටන් ගන්න නියමිත වෙලාව) බස් එකේ. ගෙදර එනකොට 9ට කිට්ටුයි. පැය 24ක් දුවන එකේ, ඕක මොකද්ද කියල මාත් වාඩි වුනා දුවන්න. සන්ටෙල් ඩයල්-අප් සම්බන්ධතාවයකින් තමයි වැඩේ කරන්න තියෙන්නෙ. ඒකත් සම්බන්ධවුනා කිසි කතාවක් නැතුව.
අවාසනාව ආවෙ එතන ඉඳලා. ඩයල්-අප් එක සම්බන්ධවුනාට මොකද, අඩවියක් දර්ශනය වෙන්න වරුගානක “විනාඩි” ගත වෙනව. මගෙ මැරතන් බ්ලොග් එකයි, මැරතන් සින්ඩිකේටරයයි වත් අඩුම තරමින් විවෘත කරගන්න ඕනෙ නිසා කාලය ගතවීම ගැන හිතුවෙ නෑ. බලං හිටියා. ඔය අතරෙ ගූගල් ටෝක් එකත් බාගෙට වගේ සම්බන්ධවුනා.
මගේ මැරතන් බ්ලොග් එකයි, සින්ඩිකේටරයයි මට ඕනෙවට වගේ ආව. එත් මගේ බ්ලොග් එකේ ගිණුමට ඇතුල් වෙන්නත්, එතැනින් නව ලිපි ලියන කොටස දර්ශනය වෙන්නත් යන කාලය, මාව මැරතන් තරඟයෙන් ඉවත් කරන්නට ක්‍රියාකළා. බලධාරීන් තීරණය කළේ, ඊයෙ රෑ මට දුවන්න සුදුසු නොවන බවයි. තවත් කාලය ගතවුණු තැන, මා උත්සාහය අත්නොහල හෙයින් දෝ, “ඉහළම” සිටින බලධාරීනුත් මට එරෙහිව නැගීසිටියා. අකුණු එක දෙක පාත්වුනා. මීට පෙරත් අකුණු සමග තරඟවැදී පැරදී තිබුණු හෙයින්, එතැනින් මගේ උත්සාහය අත්හැරීමට සිදුවුණා.
ඒ සිදුවීම් අතරතුර, බාගෙට වගේ සම්බන්ධ වුණු ගූගල් ටෝක් හරහා මට තවත් ආරංචියක් ආව. ඒ බුද්ධිකගෙන්. මගේ ලිපි සැම විටම සින්ඩිකේටරයේ ඉහළින්ම පෙනෙන බවත්, බ්ලොග් එකේ යම් සීරුමාරුවක් කිරීමට අවශ්‍යව ඇති බවත් එහි කියවුණා. මා ඊට යැවූ පිළිතුරවත් මගේ සම්බන්ධතාවය හරහා ඔහුට ගියේ දැයි සැකයි. මේ නිසා නැවත නැවතත් මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ගිණූමේ සැකසුම් වෙත යෑමට උත්සාහ කළත්, අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුව තිබූ එයවත් කරගත නොහැකි වුණා. එයට පිළියමක් ලෙස මගේ බ්ලොග් එක සින්ඩිකේටරයෙන් ගවාදැමීමට අවසානයේ තීරණය කළා. එය කළ හැකි පරිපාලකවරුන්ට මේ ගැන දැන්වීමට යැයි කියා ඩනිෂ්කට කෙටිපණිවුඩයක් යැවුවා. අද දින දැනගත්තේ එම කෙටි පණිවුඩයද ඔහුට නොලැබුණු බවයි.
අවසානයේ, මා මැරතන් නොදුවාම පැරදුනු ක්‍රීඩකයෙක් බවට පත්වුණා.

එහෙනම් ඊලඟසැරේ වත් දුවමු නේද?
සහයට ඩැනී: ඔව්… වෙන මොනව කරන්නද ඉතිං…
ලබන මැරතන් එක ඉක්මනට ඒවා…
[...] මං අළුත් සපත්තු ජෝඩුවකුත් අරගෙන ඒකට ලෑස්ති වුනත් අන්තිම මොහොතෙදි මගේ දිවිල්ල අවලංගු කෙරුනා. [...]
ඔෙහාම තමයි ජීවිෙත්. මම නම් මැරතන් දුවල නෑ. බ්ෙලාග් ගැන වැඩි ෙදයක් දන්ානත් නෑ. ෙමාකද මම බ්ෙලාග් ඒකක් පටන් ගත්ෙත අළුෙතන්.
gayansblog.blogspot.com